පෙරටු කාර්යාල නිලධාරි

තාක්ෂණ නිලධාරි/ විෂය භාර නිලධාරි

අනවසර ඉදිකිරීම් සඳහා ආවරණ අනුමැතිය දීම

අවශ්ය ලියකියවිලි මොනවාද?

1. නාගරික සංවර්ධන ප්‍රදේශයක් වන විට,2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ ඉල්ලුම් පත්‍රය හෝ වෙනත් ප්‍රදේශයක් වන විට, පෙරටු කාර්යාලයෙන් ලබා ගත් ඉල්ලුම් පත්‍රය.
2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ සහතික කරන ලද පිටපතක්.
3. සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 05(ඉල්ලීමේ ස්වභාවය අනුව අදාළ වන සුදුසුකම් ලත් තැනැත්තා කවරෙක් ද යන්න පෙරටු කාර්යාලයෙන් දැන ගැනීමට හැකි ය).
4. ගොඩනැගිල්ල ඉදි කරනු ලබන ඉඩමේ අනුමත මිනින්දෝරු සැලැස්මේ පිටපතක් (නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ ප්‍රකාශිත නාගරික සංවර්ධන ප්‍රදේශවලට පමණක් අදාළ වේ).
5. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ස්වභාවය අනුව ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති ආයතනවලින් නිකුත් කරනු ලබන සහතික.
6. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය.
7. ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවට පිහිටීම ද පෙන්නුම් කරන පරිදි අදින ලද දළ රූප සටහනක්.
8.නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක්.

ගතවන අවම කාලය

දින 28

ඔබ ගෙවිය යුතු ගාස්තු මොනවාද?

1. පෙරසැරි ගාස්තුව (සැලසුම් හා සංවර්ධන නියෝගවල 2 වන උපලේඛනයේ සඳහන් සංවර්ධනයේ ස්වභාවය අනුව වන ගාස්තුව).
2. ප්‍රමාද ගාස්තු (සැලසුම් හා සංවර්ධන නියෝගවල 2 වන උපලේඛනයේ සඳහන් සංවර්ධනයේ ස්වභාවය අනුව වන ගාස්තුව)

අයදුම්පත් මෙතනින් බාගන්න

  • 04 - අනවසර ඉදිකිරීම් සඳහා ආවරණ අනුමැතිය (1).pdf