පෙරටු කාර්යාල නිලධාරි

තාක්ෂණ නිලධාරි /මහජන සෞඛ්‍ය පරීක්ෂක

විෂය භාර නිලධාරි

සැලසුම් කමිටුව

ලේකම්

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

අවශ්ය ලියකියවිලි මොනවාද?

1. නිවැරදිව සම්පූර්ණ කරන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ ඉල්ලුම් පත්රය හෝ නාගරික සංවර්ධන ප්රදේශ නොවන විට සභාවෙන් ලබා ගත් ඉල්ලුම් පත්රය.
2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්රයේ සහතික කරන ලද පිටපතක්.
3. සුදුසුකම්ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 05 (ඉදිකිරීමේ ස්වභාවය අනුව අදාළ වන සුදුසුකම්ලත් තැනැත්තා කවුද යන්න සභාවේ පෙරටු කාර්යාලයෙන් දැන ගැනීමට හැකි ය).
4. ගොඩනැගිල්ල ඉදි කරනු ලබන ඉඩමේ අනුමත මිනින්දෝරු සැලැස්මේ පිටපතක් (නාගරිකසංවර්ධන අධිකාරි පනත යටතේ ප්රකාශිත නාගරික සංවර්ධන ප්රදේශවලට පමණක් අදාළ වේ).
5. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ස්වභාවය අනුව ඉල්ලුම්පත්රයේ සඳහන් කර ඇති ආයතනවලින් නිකුත් කරනු ලබන සහතික.
6. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්රකාශිත ලිපිය.
7. ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්රවේශ වීම සඳහා අවට පිහිටීම ද පෙන්නුම් කරන පරිදි අදින ලද දළ රූප සටහනක්.
8. නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක්.
9. වරිපනම් අය කරන ප්රදේශයක පිහිටි ඉඩමක් වන විට, ඉඩමේ හිමිකරුගේ නමින් දේපළ ලියා පදිංචි කර තිබිය යුතු ය.

ගතවන අවම කාලය

දින 14

ඔබ ගෙවිය යුතු ගාස්තු මොනවාද?

1. ඉල්ලුම් පත්ර ගාස්තුව
වාණිජ - රු: 2025.00
නිවාස - රු: 1025.00

2. පෙරසැරි ගාස්තුව (සැලසුම් හා සංවර්ධන නියෝගවල 2 උපලේඛනයේ සඳහන් සංවර්ධනයේ ස්වභාවය අනුව වන ගාස්තුව)

අයදුම්පත් මෙතනින් බාගන්න

  • 01 - ගොඩනැගිලි සැලැසුම් සංවර්ධන බලපත්_ර නිකුත් කිරිම (1).pdf