පෙරටු කාර්යාල නිලධාරි

තාක්ෂණ නිලධාරි/ විෂය භාර නිලධාරි

සැලසුම් කමිටුව

ඉඩම් අනු බෙදුම් හා ඒකාබද්ධ කිරීමේ සංවර්ධන සැලසුම් අනුමත කිරීම

අවශ්ය ලියකියවිලි මොනවාද?

1. නිවැරදිව සම්පූර්ණ කරන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ ඉල්ලුම් පත්රය.
2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්රයේ සහතික කරන ලද පිටපතක්.
3. සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද ඉඩම අනු බෙදුමට හෝ ඉඩම් ඒකාබද්ධ කිරීමට අදාළ මිනින්දෝරු සැලැස්මේ පිටපත් 5 ක්(සංවර්ධනයේ ස්වභාවය අනුව අදාළ වන සුදුසුකම් ලත් තැනැත්තා කවරෙක් ද යන්න පෙරටු කාර්යාලයෙන් දැන ගැනීමට හැකි ය.)
4. සංවර්ධනයේ ස්වභාවය අනුව ඉල්ලුම් පත්රයේ සඳහන් කර ඇති ආයතනවලින් නිකුත් කරනු ලබන සහතික.
5. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්රකාශිත ලිපිය.
6. නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක්.
7. ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්රවේශ වීම සඳහා අවට පිහිටීම ද පෙන්නුම් කරන පරිදි අදින ලද දළ රූප සටහනක්.
8. වරිපනම් අය කරන ප්රදේශයක පිහිටි ඉඩමක් වන විට, ඉඩමේ හිමිකරුගේ නමින් දේපළ ලියා පදිංචි කර තිබිය යුතු ය.

ගතවන අවම කාලය

දින 14

ඔබ ගෙවිය යුතු ගාස්තු මොනවාද?

1. ඉල්ලුම් පත්ර ගාස්තුව - රු : 500.00.
2. පෙරසැරි ගාස්තුව (සැලසුම් හා සංවර්ධන නියෝගවල 2 උපලේඛනයේ සඳහන් සංවර්ධනයේ ස්වභාවය අනුව වන ගාස්තුව).
3. ක්ෂේත්ර පරීක්ෂණ ගාස්තු